මාකඳුරේ මදූෂ්ගේ සමීපතම ගොලයෙකු ඇතුළුව තවත් පුද්ගලයන් තිදෙනෙකු වැලිපැන්න ප්රදේශයෙදී අද (18දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්රදේශයේ පදිංචි හෙරත් මුදියන්සේලාගේ ලක්ෂාන් ගුණතිලක(28) , උඩවලව ප්රදේශයේ කන්නංගර කොරලාගේ නවොද් ප්රමොදිත (26) සහ රත්මලාන ප්රදේශයේ පොන්න හැන්දිලාගේ අමීත් ප්රසාද් (18) යන පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනෙකි.
වැලිපැන්න හතරේ කණුව සිහිලැල්තැන්න ප්රදේශයේ පදිංචිව සිටින ජෝෂප් කුමාර හෙවත් ජෝසා නමැති 38 හැවිරිදි ප්රධාන සැකකරුගේ නිවසේ සිටියදී ඔහු සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක්, ජිව උණ්ඩ 10ක්, කුලී මොටර් රථයක් සහ හෙරොයින් ග්රෑම් 5ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
කළුතර පොලිස් පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.