අලව්ව, වලකුඹර සංගිලි පාලම අසළ මා ඔයේ ඥාතීන් සමග දියනාමින් සිටියදී දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතියි පොලීසිය පවසයි.
එම දියණියන් ප්රදේශවාසීන් බේරාගෙන පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය ගිය දැරියන් වන්නේ අවුරුදු 14ක් වයසැති ගමගේ ඉනෝකා සචිනි, අවුරුදු 11ක් වන ගමගේ තිරෝෂා ජිමේෂිකා යන යටිගල්ඔළුව ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
