මහින්ද ඇතුළුව JO වෙතින් ජනපතිට ලිපියක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඒකාබද්ධ විපක්ෂය විසින් ලිපියක් යොමුකර තිබේ.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 10 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ. එසේම අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට පෙළඹවීමට ජීනීවාවල සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති බලධාරීන්ට කඩිනමින් උපදෙස් දෙන ලෙසද ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා සිටියි.

popular news
-
batangala Tuesday, 19 March 2019 12:35 PM
මෙතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා කවුරුත් දැක්කේ නැද්ද? මහින්ද මහත්තය විපක්ෂ නායක හැටියට මිසක් පක්ෂ නායකයෙක් නෙමේ නේද? එතකොට පහතින් අත්සන් කල පක්ෂ නායකයෝ අතරට එයාව අහුවෙන්නේ නැහැ නේද? ලියුම් ලියන එකත් එක්තරා ශිල්පයක්. එක හොඳ විෂය දැනුමක් නැතිව කරන්න ගියොත් විහිලුවට ලක්වෙනවා.
Reply : 0 0
Champa Tuesday, 19 March 2019 03:12 PM
එයාට ලියුම් ලියලා වැඩක් නැහැ. ඇයි මොකොද එයා බබෙක්ද ඔච්චර නොතේරෙන්න? මේ කරන්නේ රනිල් ලව්වා 2015 කොටින්ට දීපු පොරොන්දු ඉෂ්ඨ කරන එක. නැත්නම් දැන් මාසෙකට විතර කලින් තමයි co-group එකේ ඔය කතාව ආවේ. එදා ඉඳන් පොල් ගෑවද? ඕනේ හැටියේ තිබුන නියෝගයක් නිකුත් කරන්න මොන රට ගෙනාවත් ලංකාව co-sponsor කරන්නේ නැහැ කියල. එහෙම කිව්වේ නැහැ. ඒ විතරක්ද හරියටම ඒ දවස් අල්ලලා මඟ ඇරලා පිටරට ගියා. ලංකාව දෙවෙනි එකටත් co-sponsor කරනවා කියලා Aziz කියනකම් ඉඳල මාරපනට කිව්වා (පත්තරේ තිබුන) මීට පස්සේ එයාගෙන් අහල තීරණ ගන්න ඕනේ කියලා. ඇයි ඒක ඔය කතාව කියන්න කලින් කිව්වේ නැත්තේ? මේකට ජනාධිපති කැමති වෙලා තියෙනව. එහෙම නැතුව කීයටවත් Aziz ඔය කතාව කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කලින් මෛත්‍රීගෙන් clear කරගෙන තියෙනව. 2105ටත් වඩා දරුණු පාවාදීමක් තමයි 2019 කලේ. 2015 එක ගැන මුකුත් දන්නේ නැහැ කිව්වා. මේ පාරත් එහෙම කියන්න පුලුවන්ද? දැන් ඉතුරු වෙලා තියෙන්නේ එක දෙයයි. විශේෂ අධිකරණයක් පිහිටුවල අනිවාර්ර්යයෙන්ම මේ දෙන්නට විරුද්ධව නඩු දාන්න ඕනේ දේශද්රෝහීකම් කලාට. ඊට පස්සේ ජාත්‍යන්තරය පිළිගත් එකම දඬුවම දෙන්න ඕනේ UNHRCටත් දැනෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

