මහාධිකරණයෙන් අද දුන් මරණ දඩුවම
කුඩු ජාවාරම මේ වනවිට ලංකාවට පමණක් නොව ලෝකයටම ව්‍යසනයක් වී ඇති තත්වයක් තුළ කුඩු ජාවාරම්කරුවන්ට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට උසාවියට හැකියාවක් නොමැති බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා මරදාන ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබු කුඩු ජාවාරම් කරුවකුට මරණීය දඩුවම් නියම කළේය.
මිනී මැරුමක් සිදුවු විට ඉන් අගතියට පත් වන්නේ එක් පුද්ගලයකු වුවත් කුඩු ජාවාරම්කරුවකු නිසා මුළු සමාජයක්ම, ජන කොට්ඨාසයක්ම විනාශ වන හෙයින් අනෙකුත් කුඩු ජාවාරම්කරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දඩුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නයනා සෙනෙවිරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් කුඩු ජාවාරම් කරුවකුට එලෙස මරණීය දඩුවම් නියම කෙරිණි.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 හැවරිදි දෙදරු පියෙකු වන ශන්මුගම් ඉලංගකොන් නමැත්තාටය.
2014 දෙසැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මරදාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 29.43 ක් ළඟතබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උපපොලිස් පරීක්ෂක උදාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මරදාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇතැයි හෙළි වි ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනා සෙනෙවිරත්න මහත්මිය අධිකරණය අමතමින් මිනී මැරුමක් සිදුවු විට ඉන් අගතියට පත් වන්නේ එක් පුද්ගලයකු වුවත් කුඩු ජාවාරම්කරුවකු නිසා මුළු සමාජයක්ම, ජන කොට්ඨාසයක්ම විනාශ වන බවත් පවුල් සංස්ථාවන් මෙන්ම සමාජයද කඩා වැටෙන බවත් පෙන්වා දුන්නාය.
මේ වනවිට කුඩු තොග වශයෙන් ලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් රට තුළ කුඩු වැඩි වීමේ ප්‍රවණතාවයක් ඇතැයිද පෙන්වා දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනා සෙනෙවිරත්න මහත්මිය අනෙකුත් කුඩු ජාවාරම්කරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දැඩි දඩුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඩුවම නියම කළේය.

popular news
-
Kumar Tuesday, 26 February 2019 10:29 PM
ග්‍රෑම් 29ට මරණීය දඬුවම දුන්නට තවම කවුද එල්ලුවේ. එල්ලනකොට ටොන්ගණන් ගෙනෙන අයගෙන් පටන් ගන්නවා නම් තමා හොද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
