මහනුවර ප්රදේශයේ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බළකායේ ප්රධානී අමිත් වීරසිංහ මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ඒ එම නඩුව අද (9දා) තෙල්දෙණිය දිසා අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදීය.
එහිදී එම නඩුව විභාගයට ගත් දිසා විනිසුරු ශානක කළන්සූරිය මහතා විසින් අමිත් වීරසිංහ මහතා මෙම මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ.
මීට අමතර මහනුවර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු තවත් සැකකරුවන් 10 දෙනෙකු අධිකරණය අද ඇප මත මුදාහැරීමට කටයුතු කර තිබේ.
