අප රටේ ඉතාමත් දුෂ්කර ගම්මාන සහිත මහවැලි L කලාපයේ ගම්මාන අතර බස් රථ සේවාවක් ආරම්භ කරන ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබුනි.
මහවැලි L කලාපයේ ගම්මාන කිහිපයක ජනතාව විසින් තම ප්‍රවාහන කටයුතු සඳහා බස් රථ සේවාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිමක් අනුව මෙම බස් රථ සේවාව ආරම්භ කර තිබේ.
ඒ් අනුව මුළතිව් දිස්ත්‍රික්කයේ සම්පත් නුවර සිට මහවැලි L කලාපයේ ගම්මාන ගණනාවක් ආවරණය වන පරිදි ධාවන කටයුතු සිදු කිරීමට මුලික අදියර වශයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බස් රථ දෙකක් යොදවා තිබේ.
දිනපතා ගමන්වාර 04ක් වව්නියාව, මුලතිව්, වව්නියා/ අනුරාධපුර හා මුලතිව් ත්‍රිකුණාමලය වශයෙන් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මකය. ඒ යටතේ සම්පත් නුවර, ගජබාපුර, නැදුන්කර්ණි, ජනකපුර, මුලතිව්, ඇතා වැටුනුවැව, පරාක්රමපුර , බොගස්වැව, හැළඹවැව හා පුල්මුඩේ යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වේ.
ජූලි මස 02 දින පටන් මෙම බස් රථ ධාවනය සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ.
