මහවැලි සී කලාපයට අයත් ගොවී මහතුන් පන්සීයයක් පමණ පිරිසක් දැනුවත් කිරිමේ වැඩසටහනක් ඊයේ(20) මොරගහකන්ද මහජන සම්බන්ධතා ඒකකයේ දී පැවැත්විනි.
මොරගහකන්ද ජලාශයේ දියවර මුදා හැරෙන මහවැලි කලාපයේ ගොවීන් දැනුවත් කර ඔවුන්ට මොරගහකන්ද ජලාශය පිළිබද දැනුම ලබාදීම වැඩසටහනේ අරමුණ බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියා සිටියේය.
මේ වන විටත් ඉදිවෙමින් පවතින ඉහළ ඇලහැර ව්‍යාපෘතීය යටතේ මොරගහකන්ද ජලාශයේ ජලය මහකනදරාව දක්වා ලබාදීමට නියමිතය.
අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික්කය තෙක් ජලය ගෙන යන ව්‍යාපෘතියක් ලෙස මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හැදින්විය හැකි බව දයානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නාඋල - ඉන්දික කුමාර