මහවැලි කලාපයේ ඉඩම් හෙක්ටයාර්, දසදහසක බඩඉරිඟු වගාකිරීමට මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ.
බඩඉරිඟු ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව හමුවේ මෙම තීරණය ගත් බව මහවැලි කලාප ආශ්රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සඳහන් කරයි.
මේ අනුව මහවැලි කලාපයේ ජනපදිකයන් ට අයත් ඉඩම්, හෙක්ටයාර් 3000 ක, සහ මහාපරිමාණ ආයොජකයින් හරහා, මහවැලි කලාපයේ තවත් ඉඩම් හෙක්ටයාර් 7000 ක, බඩඉරිඟු වගාකිරීමට සැලසුම් කර තිබේ.
එයින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 50,000 ක, අස්වැන්නක් අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 500,000ක්, පමණ වේ.
එම ජාතික අවශ්‍යතාවයෙන් 10% මහවැලි කලාප ඉඩම් වලින් සපුරා ගැනීමට ක්‍රියා කරන බවයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පෙන්වා දෙන්නේ.
බඩඉරිඟු බහුලව භාවිතා කරනු ලබන්නේ කුකුළු ගොවිපළ සඳහා ය ( කුකුළු ආහාර සැකසීම සඳහා). එම ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයෙන් 85% කි.
3% පමණ ප්‍රමානයක් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අතර, මිනිස් පාරිභෝජනය සඳහා යොදා ගන්නා ප්‍රමානය 12% කි.
ඉකුත් 2019 වසරේ මෙරට බඩඉරිඟු වගාවෙන් උපයා ගත් , බඩඉරිඟු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 250,000 කි. මෙට්‍රික් ටොන් 250,000 ක් ආනයනය කර තිබේ. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 3000 කි.
රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පෙන්වා දෙන්නේ මහවැලි කලාප තුළ බඩඉරිඟු වගා කිරීම හමුවේ බඩඉරිඟු ආනයනය කිරීම සඳහා වැය කළ විදේශ විනිමය මුළුමනින්ම පාහේ ඉතිරි කර ගත හැකි බවයි.