මොරගහ කන්ද - කලු ගඟ මහවැලි එෆ් කලාපය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනයන් සිදුකරන තිරසර සංවර්ධන කලාපයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මොරගහකන්ද - කලු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාව ලග්ගල පල්ගේම ප්‍ර දේශයේ පදිංදි කර මහවැලි එෆ් කලාපය නමින් නව කලාපයක් ආරම්භ කළේය.
එය නීල හරිත සංකල්පය යටතේ බිහිවූ ගම්මානයක් බවටද පත්ව ඇත.
මෙම ප්‍රදේශයේ පදිංචි කරවන ලස ජනතාවට ගොවිතැන් කටයුතු හා පානීය ජල අවශ්‍යතාව සඳහා, කිසිඳු මිනිස් වාසයකින් තොර නකල්ස් කඳු පන්තිය හරහා ගලා ගෙන ජලය සහිත කළුගඟ ජලාශය මගින් ජලය ලබාදෙයි.
එම කලාපය කාබනික පොහොර භාවිතයෙන් පමණක් හා පිරිසිදු ජලය භාවිතයෙන් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සුදුසු ප්‍ර දේශයෙක් ලෙසද හඳුනාගෙන තිබේ.
එබැවින් මොරගහකන්ද කළු ගඟ වම් හා දකුණු ඉවරු ජනාවාස කලාපය හෙවත් මහවැලි එෆ් කලාපය වස විසෙන් තොර කෘෂිකාර්මික නිෂ්පාදනයන් සිදු කරන තිරසර සංවර්ධිත කලාපයක් ලෙසත්, කළු ගඟ හා අඹන් ගඟ ඉහළ ජලාධාර ප්‍ර දේශය වස විසෙන් තොර වූ ජලය සහිත හා කාබනික පොහොර භාවිතයෙන් කෘෂිකාර්මික කටයුතු කරන ප්‍රෙද්ශයක් ලෙසත් පත්කිරීම සඳහා වන යෝජනාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.