නාවින්න, මහරගම ප්‍ර දේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ බව කියූ දැරිය හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඇයගේ තොරතුරු මාධ්‍ය මගින් පළවීමෙන් පසුව දැරිය විසින් මවට දුරකතන ඇමතුමක් ලබාදී නැවත නිවසට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
මේ පිළිබඳව දැරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.