මහර බන්ධනාගාර සිදුවීම පිළිබඳව මේ වන විට රැඳවියන්, නිලධාරීන්, වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන්ගෙන් ප්‍රකාශ 228ක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෘත ශරීර 11න් මේ වන විට මෘත ශරීර අටක් හඳුනාගෙන ඇති බවද ඔහු පැවැසීය.
දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පුද්ගලයන් 5කගෙන් යුත් විශේෂඥ මණ්ඩලයක් හරහා සිදුකරන ලෙස අධිකරණ නියෝගයක් ලබාදී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.