මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් අවසන් තීරණය අධිකරණය විසින් ලබාදීමට නියමිත බවත් එතෙක් එම මෘත ශරීර සුරක්ෂිතව අධි ශිතකරණ තුළ තබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජත් රෝහණ මහතා පවසයි.
“මහර බන්ධනාගාර සිදුවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදුකර තිබෙවා. මේ වන විට ප්‍රකාශ 145ක් සටහන් කරගෙන තිබෙනවා.
මේ වන විට මෘත ශරීර 7ක් හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හතරක පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කර තිබෙනවා. එක මෘත ශරීරයක්වත් ආදාහනය කිරීමක් හෝ වැළලීමක් සිදුකර නෑ.
ඒ මෘත ශරීර ආරක්ෂිතව රෝහල් තුළ අධි ශිතකරණ තුළ තැන්පත් කර තබෙනවා. මෘත ශරීරවල අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳව අධිකරණය විසින් අවසන් නියෝගයක් ලබාදීමට නියමිතව තිබෙනවා.”