මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරින් අට දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26කගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ 2 වන විට සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අතර පිරිමි හෙද නිලධාරීන් දෙදෙනෙක් ,ප්‍රධාන ජේලර් වරයා ඇතුළු තවත් නිලධාරීන් දස දෙනෙක් ,රෝහල්ගතකර සිට නැවත බන්ධනාගාරය වෙත ගෙන එන ලද රැඳවියන් හය දෙනෙකු ද ඒ අතර වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මීට අමතරව මෙම සිද්ධියේදී බන්ධනාගාරයේ සිදුවූ අලාභ හානිය සම්බන්ධයෙන් අදාළ තක්සේරු වාර්තාවන් වගේම බන්ධනාගාරයේ සිටි රැඳවියන් ට අමතරව යම් කෙනෙක් මොවුන්ව යම් කුපිත කිරීමක්,කුමන්ත්‍රණයකට අනුබල දීමක් සිදු වූවා ද යන්න පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
බිමල් ශ්‍යාමන් ජයසිංහ