මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ද තුවා ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙසේ තුවාල ලැබූවන් රාගම රෝහලේ ආරක්ෂා සහිතිව ප්‍රතිකාර ලබන බවත් බොහෝ රැඳවියන් අභ්‍යන්තර ගැටුම්වලින් තුවාල ලැබූවන් බවත් ඔහු පැවැසීය.
වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 8ක් බවත් මරණ ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනයේදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මගින් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් විමර්ශන ඊයේ දිනයේදී ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.