මහියංගණ පොලිසියේ පැමිණිල්ලක් විභාග කිරිමට පැමිණි මහියංගණ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් හා පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාරකරුවන් පිරිසක් මහියංගණ පොලිසිය ඉදිරිපිටදී ඊයේ (12) සවස ගැටුමක් ඇති කරගැනිම හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත්ව ඇති බව මහියංගණ පොලිසිය පවසනවා.
මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා දෙවන අයවැය ලේඛනයද පරාජය වීමත් සමඟ ප්‍රාදේශිය සභාභූමියෙන් පිටතදී පසුගියදා 08 වෙනිදා ඇති වු උණුසුම් අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ නිශ්ශන්ක වර්ණසුරිය මන්ත්‍රීවරයා හා මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම ගජනායක මහතා අතර උණුසුම් කථාබහක් ඇතිව පොලිසිය මැදිහත්ව ගැටුමක් දක්වා යෑම වලක්වාලීය.
ඉන්පසු මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම මහතා විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වර්ණසුරිය මහතා තමන් හට තර්ජනය කල බවට පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොණුකරනු ලැබු අතර, පැමිණිල්ල විභාග කිරිම සදහා ඊයේ (12) සවස දෙපාර්ශවය මහියංගණ පොලිසිය වෙත කැදවා තිබිණ.
පැමිණිල්ල විභාග කිරිමෙන් පසු දෙපාර්ශවය පොලිසිය ඉදිරියේ සමතයකට පත්ව ඇති අතර පොලිස්ථානයෙන් බැහැරට යමින් සිටියදී යලි ඇතිවු කථාබවහක් දුරදිග ගොස් පොලිස්ථානයේ ගේට්ටුව අභියසදී යලි පහරදීමක් සිදුව ඇත. දේශපාලන ආධාරකරුවන් රැසක්ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහුන්ද එම ගැටුමට මැදිහත්ව, පහරදීම දැඩිව සිදුව ඇත. එහිදී තුවාල ලැබුවන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඊයේ සවස ඇතුලත්ව ඇත.
ප්‍රාදේශිය සභා මන්ත්‍රී වර්ණසුරිය ඇතුලු ඒ මහතාගේ පාර්ශවයේ පුද්ගලයන් 05 දෙනෙක්ද, මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම ගජනායක මහතා ඇතුලු ඒ මහතාගේ පාර්ශවයේ පුද්ගලයන් 07 දෙනෙකුද මෙලෙස ප්‍රතිකාර සදහා රෝහල් ගතව අද (13) දහවල් වන තුරු ප්‍රතිකාර ලැබීය.
ගැටුම සම්බන්ධයෙන් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේත්‍රාත් ඒ. ඒ. ප්‍රියංකර ලක්ෂමන් මහතා හමුවට කරුණු වාර්ථා කිරිමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදු කෙරෙමින් පවතී.
මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර මහතා යටතේ වැඩිදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරි කටයුතු සිදු කෙරෙමින් පවතී.
මහියංගණ - රංජිත් කරුණාවිර