මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසිමට දින නියම කරයි
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරිම , සලකුණු කිරිම හා නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම සම්බන්ධයෙන් ආදාළ කටයුතු මේ වන විට සංවිධානය කොට ඇති බව මැතිවරණ කොමිසම් සභාව වාර්තා කරයි.
ඒ අනුව තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරිම ජුනි මස 18 වන දින සිදු කෙරෙන අතර, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරිම හා තැපෑලට භාරදිම ජුනි මස 30, ජුලි මස 1 සහ 2 යන දිනවලදි සිදු කරනු ලබයි.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල,පොලීසිය,ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරිම ජුලි 14 සහ 15 යන දිනයන්හි සිදු කිරිමට නියමිත අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ,මැතිවරණ කාර්යාල, පොලීසිය ,ආරක්ෂක හමුදා , සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ වල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම ජුලි 16 සහ 17 යන දිනවල දහවල් 12.00 දක්වා සිදු කිරිමට නියමිතය.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදිම ජුලි මස 11,12,සහ 13 යන දිනවලදි සිදු කිරිමට කටයුතු යොදා ඇත.
නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම ජුලි 29 අවසන් වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

