මහමැතිවරණයට සමගාමීව මැතිවරණ අපේක්ෂකයින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළින් ජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියක නිරතවන අකාරයක් දැකගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
විශේෂයෙන්ම මහජන දත්ත එක්රැස් කිරීමේදී පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවක් (Privacy Policy Statement) ඉදිරිපත් කිරීමට බොහෝ මහමැතිවරණ අපේක්ෂකයින් අපොහොසත්වී ඇති බව පෙන්වා දෙන එම සංගමය . මේ හේතුවෙන් යම්කිසි මහමැතිවරණ අපේක්ෂකයෙක් යම් දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සිදුකරන්නේ නම් ඒ සඳහා පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීමට කයුතු කරන ලෙසද ඔවුන් මැතිවරන අපේක්ෂකයන්ට දැනුම් දෙයි.