යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම් කටයුතු වල නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධානයකට පොළව හාරන අවස්ථාවකදී යුද හමුදා නිලඇඳුම් කොටස් හා අස්ථියක කොටසක් ඊයේ (16) සවස හමුවී ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
මුහමාලෙයි ප්‍රදේශයේ වලදමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වූ හාලෝ ට්‍රස්ට් නැමති සංවිධානයේ සාමාජිකයින් පොළව හාරන අවස්ථාවේදී යුදහමුදා නිලඇඳුම් කොටස් කිහිපයක් හමුවීමත් සමග ඒ බව පලෙයි පොලීසියට දැනුම් දී ඇත.
අනතුරු අදාල ස්ථානයට ගිය පලෙයි පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කර ඇති අතර එහිදී යුදහමුදා නිලඇඳුමට සමාන වූ නිල ඇඳුම් කොටස් කිහිපයක්, ෆූචස් එකක් මෙන්ම එක් අස්ථියක කොටසක් හමු වී ඇත.
අනතුරුව හමුවූ අස්ථි කොටස් වෛද්‍ය පරික්ෂණයක් වෙනුවෙන් යොමු කොට ඇති අතර අදාල ස්ථානය පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරන බවට පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.