යාපනය මුහමාලෙයි ප්රදේශයේ පිහිටි තල්ගස් වනාන්තරයක ඇති වූ ගින්නක් හේතුවෙන් තල්ගස් විශාල ප්රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවට ප්රදේශවාසීහු පවසා සිටිති.
මේ දිනවල ප්රදේශයේ පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ගිනිතැබීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිවන්නට ඇති බවට ප්රදේශවාසීහු සැක පල කර සිටිති.
තල් ගස් විශාල ප්රමාණයකට ඇවිලුනු ගින්න නිවා දැමීමට ප්රදේශවාසීන් විසින් දැඩි උත්සාහයක් ගත්තද එය අසාර්ථක වීමෙන් පසුව යාපනය මහනගරසභාවේ ගිනි නිවීමේ ඒකකයට දැනුම් දීමෙන් පසු ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ ගින්න නිවාදැමීමට පියවර ගත්තද ඒ වන විටත් තල් ගස් ඇතුලු විශාල භූමි ප්රමාණයක් ගින්නෙන් විනාශ වී ඇත.
අදාල ගින්න ඇති වීමට හේතුව පිළිබඳව කොඩිකාමම් හා පලෙයි පොලීසිය පරික්ෂණයක් ආරම්භ කොට ඇත.