මහ මැතිවරණයක් ඉල්ලා අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ වැඩ සටහනක් ඊයේ තංගල්ල නගරයේදී සිදුවිය.
මේ සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ විපක්ෂ නායක විමල් දුනුවිල මහතා මෙසේ පැවසීය .
පවතින අදූරදර්ශි පාලනයට විරැද්ධව සාධාරණ මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් ශ්රී ලංකා වෙන්ම ජනතාව ගෙන් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ දැවැන්ත වැඩසටහනක් දැන් ක්රියාත්මක කරල තියෙනව.ඒ සඳහා තංගල්ල බල ප්රදේශයෙන් අත්සන් ලබාගැනීමේ මොහොත මේ.අද උදේ සිටන් මේ වනතෙක් අත්සන් දහස් ගාණක් ලැබිල තියෙනව.මහජනතාව ඉතා ඕනෑකමින් අත්සන් කරනව.
මේ වනවිට මුලු රටම ඉල්ලන මහමැතිවරණයට ජනතාව පෙලගැසෙන අයුරැ මේකෙන් පේනවා .යැයිද ඔහු පැවසීය.