වරින් වර මහනුවර වික්ටෝරියා ජලාශය අවටින් වාර්තා වන සුළු භූ කම්පන සම්බන්ධව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමන්ට උපදෙස් දුන් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පවසයි.
පෙරේදා (07) මහනුවර අවටින් සුළු භු කම්පන 04ක් වාර්තා වී ඇතැයි ප්‍රකාශ වුවද, එම භූ කම්පනවලින් පොළව අභ්‍යන්තරයෙන් සිදු වු බවට වාර්තා වන්නේ එක් සුළු භූ කම්පනයක් පමණි. එම සුලු කම්පනය සම්බන්ධව මහකනදරාව හා පල්ලේකැළේ භූ කම්පන මධ්‍යස්ථානවල සනිටුහන් ව ඇති නමුත් අනෙක් ස්ථානවල සනිටුහන් ව නැත. පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන කම්පන සනිටුහන් වන්නේ භූකම්පන මධ්‍යස්ථානවල ස්ථාපිත කර ඇති භු කම්පනමානවල පමණි. වික්ටෝරියා ජලාශයේ වේල්ලෙහි සවිකර ඇති සංවේදකවල පෘථිවි අභ්‍යන්තරයේ කම්පන සටහන් වන්නේ නැත.
සෙසු කම්පන තුන සම්බන්ධව භූ කම්පන මධ්‍යස්ථානවල සනිටුහන් ව නොමැති අතර ඒ පිළිබඳව වික්ටෝරියා ජලාශයේ සංවේදකවල Sensors සටහන්ව තිබේ. ඒ නිසා එම කම්පන පොළව අභ්‍යන්තරයේ සිදුවු ඒවා නොව පෘථිවි පෘෂ්ඨය මත සිදු වු කිසියම් කම්පන තත්ත්වයක් නිසා ඇති විය හැකි ඒවා විය හැකියැයි ද, සභාපතිවරයා කීය.
කෙසේ වුවද මේ සම්බන්ධව පවතින කාරණා සුලු කොට නොතකන අතර වරින් වර සිදුවන මෙම භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් අංශ කිහිපයක විද්වතුන් යොදා ගනිමින් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් සභාපති අනුර වල්පොළ මහතා පවසයි. ඒ සඳහා පරිසර අමාත්‍යවරයාගේ අපදෙස් පරිදි පේරාදෙනිය විහ්ව විද්‍යාලය, භූ විදයා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මෙන්ම මහවැලි අධිකාරියේ ද සහයෝගය ලබා ගැනීමට නියමිතය.
මෙහිදී මින් පෙර පත් කරන ලද විද්වත් කමිටුව විසින් ලබා දුන් වාර්තාවේ අඩංගු වන නිර්දේශ ද අනුව ඩොලමයිට් කැණීම් හා ඒ ආශ්රිත සිදුවන පිපිරීම් පිළිබඳවත් අවධානය යොමු කරන අතර මෙම විමර්ශණ කණ්ඩායම විසින් ලබා දෙන වාර්තාවට අනුකූලව ඉදිරි පියවර ගන්නා බවත් හෙතෙම පවසයි.