මහනුවර අද සිදුවු පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට බලපා හේතු පිළිබද පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම නීතිවිරෝධී ලෙස ඉදිකර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන්ද ඉදිරියේදී අනෙකුත් පාර්ශව සමග පොදු තීරණයකට එළඹෙන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියාසිටියේ.
මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලක්, නිවසක් මතට කඩාවැටී එම සුන්බුන්වලට යට වී සිටි අඹුසැමි යුවළක් හා මාස 2ක් වයසැති බිළිඳෙකු මෙලෙස ජිවිතක්ෂයට පත් වුණා.