මහනුවර නගර සීමාවේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව දින තුනක් තුළ දෙගුණයකින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා මගින් තහවුරු වී ඇත.
මහනුවර නාගරික සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාසයේ අද දින (06) දක්වා සති අන්තයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 68 කි. ඒ් අනුව දෙැසම්බර් 03 දින ආසාදිතයින් 33ක් වාර්තා වූ අතර දෙසැම්බර් 05 දින ආසාදිතයින් 55 දක්වා වර්ධනය විය. ඒ් අනුව තෙදිනක් තුළ රෝගීන් සංඛ්‍යාව 35 ක් දක්වා දෙගුණයකින් වර්ධනය වී ඇත.
මේ හේතුවෙන් මහනුවර නගරයේ කොවිඩ් අසාදිතයින් වාර්තාවීම වැඩි වීම නිසා සංචරණ සීමා පැනවීම පාසල්, කාර්යාල, මධ්‍යම වෙළඳපල, සායන හා බස් නැවතුම් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
මහනුවර බෝගම්බර ගම්මානය හුදකලා කර තිබෙන අතර බෝගම්බර ප්‍රදේශයේ පිහිටි දුර ගමන් සේවා බස් රථ නැවතුම් පොළද වසා දැමීමට මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇත.
මහනුවර මහයියාව ප්‍රදේශයේ එක් කොටසකට පනවා තිබූ සංචරණ සීමා තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යෑමට මහනුවර නගර සභාව පියවර ගෙන තිබේ.
එමෙන්ම මහනුවර නගරයේ පිහිටි ජාතික රෝහලේ අක්ෂි හා උගුර, කණ, නාසය සම්බන්ධ සායනයන් ආසාදිතයන් වාර්තාවීමත් සමඟ ද තාවකාලිකව අත්හිටුවා ඇත. මහනුවර නගරයේ පාසල් හා පිරිවෙන් ද ලබන (14) දින තාවකාලිකවා වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මහනුවර නගර මධ්‍යයේ බෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් 181 දෙනෙකුට කොවිඩ්-19 වෛරය ආසාදනය වී තිබෙන බවට අද (06) දින වාර්තා වූහ. බෝගම්බර පැරණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවූවන් 363 දෙනෙකු මේවන විටකොවිඩ් වෛරසයට ගොදුරු වී තිබෙන අතර මෙම සංඛ්‍යාව මහනුවර නගරයේ කොවිඩ් ආසාදියින් සංඛ්‍යාවට ඇතුළත් නෙවේ.
උඩුදුම්බර ප්‍රදීප්