මහනුවර කුරුණෑගල මාර්ගයේ වතුවල ප්රදේශයෙන් මාර්ගයේ කොටසක් අද 27 අලුයම ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කරනු ලැබ තිබේ.
මෙම මාර්ගයට ඉදි කර තිබූ ආරක්ෂිත බැම්මක් සමඟ අද 27වනදා අලුයම මෙම මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව ඇති අතර මාර්ගය තුලට ජලය කාන්දු වීම මෙලෙස ගිලා බැසීමට හේතු විය හැකි බව විශ්වාස කෙරේ.
කෙසේ නමුත් මෙම මාර්ගය වාහන ගමනාගමනය මෙම කොටසේ එක් මංතීරුවකට සීමා කර ඇති බැවින් මාර්ගයේ ගමන් ගන්නා වාහන අවධානයෙන් ධාවනය කළ යුතු බව කටුගස්තොට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.