අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ වැඩිදුර සාක්කි විභාගය ලබන ඔක්තෝම්බර් 05 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (19) නියම කළේය.
අමාත්‍යධුරයක් ලබා සිටින තම සේවාදායකයා අභිනව කැබිනට් සැසිවාරයට සහභාගී වන බව කියමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.