අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නම් ඔහු තීරණයක් ගන්නා බවට තමන් විශ්වාස කරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ද සන්ඩේ ටයිම්ස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
“මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානම් ඔහුට රජය කිසිය බාධාවක් නැතිව කරගෙන යන්න පුළුවන්. නමුත් ඔහුට බහුතරය නොමැති බව පෙන්නුවොත් ඔහු තීරණයක් ගනීවි කියලා මම විශ්වාස කරනවා. නැවත වරක් අගමැති වශයෙන් මම රනිල් වික්රමසිංහ මහතා පත්කිරීමට හැකියාවක් නෑ” යැයිද ඔහු සඳහන් කරයි.