Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සියලු බලවේග ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් ඒකරාශි කිරීමට ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණ නමින් පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන යුතුකම රැළියේ අදහස් දක්මින් අගමැතිවරයා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා ,
ගින්දරට මුහුණදෙන්නේ තාත්චිය . ගින්දර මැද ඉන්නේ ආප්පේ නෙවෙයි තාච්චිය. ගින්න නිවන්න අපි දැම්මේ ජනතා පරමාධිපත්‍ය නැමැති ජලය. ජනතා පරමාධිපත්‍ය නැතිකරන්න අපි කවුරැත් සුදානම් නැහැ. අපි එය ආරක්ෂා කරන්න ස්වාධින අධිකරණයක් දැම්මා. ශක්තිමත් පාර්ලිමේන්තුවක් දැම්මා. ඒකයි අපිට මේ අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් වුණේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩු ඇති කරද්දි මට මතක් වුණේ හිට්ලර්ව. මොකද හිට්ලර්ටත් තිබුණේ සුළුතර ආණ්ඩුවක්. හිට්ලරුත් ලෝක යුද්ධෙන් පස්සේ ජීවත් වුනානම් කියන්නේ මට ඕන වුණේ මහ මැතිවරණයක් විතරයි කියලයි.
පාර්ලිමේන්තු ගිහින් මේ මිනිස්සු මොකද කළේ. ප්‍රජාත්‍රන්ත්‍රවාදය මිරිස්කුඩු බවට පත් කළා. මේ මිනිස්සු තියන්න ඕන පාර්ලිමේන්තුවේද කුස්සියේද කියලා මම අහන්න කැමතියි.
19 සංශෝධනයේ සුද්ධ සිංහලෙන් තිබෙනවා අවුරුදු හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවානම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ඕන. ඒකට මේ හැමෝම ඡන්දෙ දුන්නා. දැන් මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ.
මහින්දලාට ඔච්චර උවමනා උනානම් ඡන්දයක් ගන්න ඇයි ආණ්ඩුවක් ගත්තේ. පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේනන් තිබුණනේ.
අපි හැම පක්ෂයෙන්ම අහන්න යනවා මැතිවරණය ඔන කොයිකාලයේදීද කියලා. ව්‍යවස්ථාව කඩලා ව්‍යව්සථාව ක්‍රියාත්මක කරන්න බැහැ. දැන් රට බෙදන කතාව කියනවා. අවුරැදු 20 ක් 30 ක් ඔය කතාව කිව්වනේ.
එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් මම කියන්නේ අපිට සංහිදියාව උවමනයි අපිට දේශපාලන විසදුමක් උවනමයි . අපි මේ හැමදෙයක්ම කරන්නේ ඒකීය රාජයක් කියන සංකල්පය තුළ සිටම පමණයි. ඒකෙන් අපි වෙනස් වෙන්සේ නැහැ කියලා මම පැහැදිලිවම කියනවා.
පාර්ලිමේන්තු ඡන්දයේදී අපිට තුනෙන් දෙකක ඡන්දයක් දෙන්න කියලා මම කියනවා. අපි තනියම තුනෙන් දෙකක් හදාගෙන විධායක ජනාධිපතිකම අහෝසිකරනවා කියලා කියන්න කැමතියි. නිදහස් සමාජයේ ඉතිරි වැඩ කටයුතු කරන්න අපිට ඒක ලබලා දෙන්න කියලා මම කියන්න කැමකියි. එක්සත් ජාතික පෙරමුණ අළුත් පෙරමුණත් විදිහට ලියාපදිංචිකරනවා. ඒතමයි ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණ . ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් මේ සමග හැමෝම එකතුවෙයි කියලා මම හිතනවා.
popular news
මුනසිංහ Monday, 17 December 2018 07:31 PM
කවුද හිට්ලර් කියල රටේ ජනතාව දන්නව. පුඵවන්නම් ඉක්මනටම ඡන්දයක් තියන්න. දොඩවන්නේ නැතිව
Reply : 0 0
Prabath Monday, 17 December 2018 08:30 PM
70(1) තියෙන්නේ ව්‍යවස්ථාදායකය ගැන. ඒ පාර්ලිමේන්තුවට විසුරුවන්න ඕනේ නම් කරන ක්‍රමය. 33(2)(ඇ) වල තියෙන්නේ ජනාධිපතිට විසුරුවන්න පුළුවන් ක්‍රමය. 70(1) කේ කියල නැහැ "33(2) (ඇ) වල කුමක සඳහන් වුවද" කියල. කවුරු කොහොම කිව්වත් විසුරුවපු එක හරියටම හරි. 19 හරියට හදල නැති නිසා තමයි ප්‍රස්නේ. ඕක හැදුවේ පේරාදෙණිය විශ්වවිද්‍යලයේ විභාගේ කොපි කරලා අස්කරපු එකෙක්නෙ.
Reply : 4 1
Kumar Monday, 17 December 2018 09:56 PM
අගමැතිතුමනි අවිස්වාසයක් නැතිව කියන්න පුළුවන් පොළොන්නරුවෙන් පත්වුන හිට්ලර් ලබන ජනධිවරණයෙන් පොළොන්නරුවට යවන වග. දැන් ඔබතුමාට කරන්න තියෙන්නේ හොරු පක්ෂයෙන් නෙරපලා රටේ ජනයාට සහනයක් ලබාදෙන එක තමා. ඔබතුමා ඒ වැනි දෙයක් සිදුනොකලොත් අවසාන ප්‍රතිපලය කියන්න ඕන නැහැනේද.
Reply : 1 0
Champa Tuesday, 18 December 2018 01:09 AM
වැඩක් වෙන්නේ නෑ. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය මේ රටට හඳුන්වා දුන්නේ යූඑන්පී කාරයෝ නෙමෙයි. ඒ හින්ද ඒ වෙනුවෙන් කතා කරපු මිනිස්සු යූඑන්පී එකට චන්දෙ දෙයි කියලා හිතනවා නම් ඒක විහිළුවක්. මෛත්‍රීගේ අන්දකයිප්පු වැඩ වලට විරුද්ධව කතා කරපු ජනතවගෙන් සියයට 90ක්ම යූඑන්පී කාරයෝ නෙමෙය්. පුළුවන් පෙන්නන්න එහෙම කතා කරපු මිනිස්සු. රටේ ගෞරවය ආරක්ෂා කරන්න, චිරාත් කාලයක් තිස්සේ පැවතෙන පාර්ලිමේන්තු සම්ප්රදායයන් ආරක්ෂා කරන්න හඬක් නැඟුවේ හෝ නිහඬව සිද්ද වෙන දේ ගැන අප්‍රසාදයෙන් හිටියේ සවධීන ජනතාව. ඒ හින්ද මේකට උඩ පැන පැන හිතනවා නම් 2/3ක් ලැබෙයි කියලා ඒක තමා ලොකුම විහිළුව.
Reply : 0 1
DILUM Tuesday, 18 December 2018 10:06 AM
ඔබ ආණ්ඩු කරද්දී අපිට මතක් උනේ ඔබේ අම්මව.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd