මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යාම සදහා වෙන්නප්පුව නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ නිවසක රැඳි සිටි දස දෙනෙකු අද ( 20 ) දින අලුයම වෙන්නප්පුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර මොවුන් අතර අඹුසැමි යුවලක් සමග ඔවුන්ගේ කුඩා දරුවන්ද සිටි බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් පිරිස බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියා යාමට සිටි බව පොලීසියට පාපෝච්චාරණය කර තිබේ .
අත්අඩංගුවට ගත් සියලු දෙනා සිංහල ජාතිකයින් වන අතර මෙම පිරිස මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට සුදානම් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.