මාතර, සුදුවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘සමනලි ’’ ඩිංගි බොට්ටුව එහි සිටි ධිවරයන් දෙදෙනා සමග අද (23) දිනය වනවිට අතුරුදන්ව ඇති බව දික්වැල්ල පොලිසිය පවසයි.
මෙසේ අතුරුන්ව ඇත්තේ මාතර කොට්ටගොඩ ප්රදේශයේ පදිංචි එම්. එම් චරිත (24) නම් එක්දරු පියෙක් සහ එම ප්රදේශයේම පදිංචි ශෂිදු දිල්ෂාන් (22) නම් අවිවාහක තරුණයෙකි.
මේ සම්බන්ධව අදහස් පලකල එම් එම් චරිත ධිවරයාගේ බිරිද වන ඉසුරි චතුරිකා
‘‘ පසුගිය 21 වෙනිදා පාන්දර 4 ට විතර මගේ මහත්තයයි තව යාලූවෙකුයි මුහුදු රස්සාවට පිටත්ව ගියා ඒ ‘‘සමනලි ’’ ඩිංගි බොට්ටුවෙන් . අද (23) උදේ වෙනකොට එයාලා එන්න ඔ්න එත් තවම ආවේ නැහැ. වෙනත් බහුධින යාත්රාවකින් කියලා තියනවා යාත්රාවක් අනතුරට ලක්වෙලා ධිවරයන් දෙදෙනා පාවෙමින් තියෙනවා කියලා. ඒ ගැන හරි තොරතුරක් නැහැ. අපේ දුවගේ 26 වෙනිදා උපන්දිනය දුවගේ තාත්තා ඒක ලොකුවට සමරන්න ආසාවෙන් හිටියේ. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ මගේ මහත්තයයි අනිත් ධිවරයයි ඉක්මනින් ගොඩබිමට ගෙනත් ඒ අයගේ ජිවිත බේරාදෙන්න කියලයි’’ යැයි පැවසිය.