උතුරු පළාතේ ධීවරයින් විසින් නෙලා ගන්නා මත්ස්‍යයින් ඇසුරුම් කර විදේශ රටවලට ආපනයනය කිරීම සදහා කර්මාන්ත ශාලාවක් යාපනයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙම කර්මාන්ත ශාලාව තුල ඉස්සන්, දැල්ලන් හා කකුළුවන් ඇසුරුම් කරන අතර මේ මගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් 350කට පමණ සෘජු රැකියා අවස්ථා උදාවෙනු ඇත. තවද මෙම කර්මාන්ත ශාලාව තුල දිනකට කිලෝ 2000ක පමණ නිෂ්පාදන ප්‍රමාණයක් ඇසුරුම් කළ හැකි වේ.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා කියාසිටියේ මේ දිනවල නෙලා ගන්නා මත්ස්‍ය නිෂ්පාදන සහන මිලට මිළදී ගෙන ගබඩා කර ගැනීම මගින් මත්ස්‍ය අස්වැන්න අඩු කාලයේදී ඇසුරුම් කර අපනයනය කිරීමෙන් වැඩි ලාභයක් ලබා ගත හැකි බවත් එසේම විදේශ විනිමය රට තුල ධීවර කාර්මිකයන්ට බෙදී යන ලෙස කටයුතු කරන්නේ නම් ඒ මගින් ධීවර කාර්මිකයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.