බුස්ස නිරෝධායන මධ්යනස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ශ්රිේලාංකික මුහුදු ආරක්ෂකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්රිසක් ප්රාුදේශිය වසංගත රෝග විද්යා්ඥ වෛද්යෂ වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මෙකි මුහුදු ආරක්ෂකයා පෙබරවාරිමස තුන්වැනි සතියේ දි ගාලුවරායෙන් පිටත්ව සුවස්වරයාට හා ඩුබායිවලට ගොස් රතුමුහුදේ ඇති පාවෙන අවිගබඩාවේ සේවය කොට ඇති බවද ප්රාගදේශිය වසංගත රෝග විද්යාගඥවරයා පවසයි.
මොහු ජුලිමස 29වැනිදින පාවෙන අවිගබඩවේ සිට මෙරටට එම සදහා නැවත පිටත්ව ඇති අතර අගොස්තුමස 09වැනිදින ගාලුවරායෙන් මෙරටට ගොඩබැස ඇත.පසුව පි.සි.ආර්. පරික්ෂණ සිදුකිරිමෙන් පසු බුස්ස ස්වයං නිරෝධායන මධ්යවස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇත.දින 14ක කාලය අවසන්විමෙන් පසු නිවස බලා පිටත්කරයැවිමට පෙර මොහු ඉකුත් 22වැනිදින නැවත පි.සි.ආර්.පරික්ෂණයට ලක්කොට ඇත. එම පි. සි.ආර්. පරික්ෂණයේ දි මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරුවි ඇති බව ප්රාකදේශිය වසංගත රෝග විද්යාවඥ වෙනුර කේ සිංගාරච්චි මහතා සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර