මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි
කොවිඩ් - 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
2015 වසරේ සිට කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරු පැදි ලැබී නොතිබිණ. සේවා කාලය තුළ යතුරු පැදි නොලැබුණු, දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 749 දෙනෙක් හා ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 56 දෙනෙකුට යතුරු පැදි බෙදා දෙනු ලැබීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී වසර 02ක පූර්ණ කාලීන පාඨමාලාවකට යොමු කෙරේ. පුහුණු කාලය දීර්ඝ කර උපාධියක් ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා කොට උදාකර දෙන බව ජනාධිපතිතුමා පැවසීය.
සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි සහ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, කොවිඩ් හදිසි ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය පද්ධතිය පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

