ගම්පහ දිස්ත්‍රික්කය තුළ සේවයේ නියැලී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 27 දෙනෙකු ඊයේ දින නීරෝධායනය සදහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
5වන දින වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය කරමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සිය දෙවන පී.සී.ආර්.
පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග , ඔහු සමග සේවය කළ තවත් මහජන පරීක්ෂකවරුන් 05 දෙනෙකු පළමු ආශ්‍රිතයන් ලෙස , වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙත් ,මෙම ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග සේවයට පැමිණ සිටි තවත් ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 දෙනෙකු ද මේ වනවිට වේයන්ගොඩ , නයිවල ප්‍රදේශයේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථානයක් වෙත ද යොමු කර ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
දැනට උද්ගත වී ඇති තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 16 හි සේවය කිරීම සදහා කළුතර පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 දෙනෙකු පමණ ගම්පහ දිස්ත්‍රික්කයට අනුයුක්ත කර තිබුණි .
එයින් මේ වනවිට 28 දෙනෙකු නීරෝධායනයට ගම්පහ දිස්ත්‍රික්කය තුළ යොමු කර ඇති අතර , ඉතිරි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 22 දෙනා කළුතර පුහුණු මධ්‍යස්ථානයේ නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
එසේම ඊයේ දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 75 දෙනෙකු හදුනා ගෙන ඇති අතර , ඒ අතරින් කැළණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 21 දෙනෙකු ද , වත්තල කොට්ඨාසයෙන් 17 දෙනෙකු ද , අත්තනගල්ල කොට්ඨාසයෙන් 11 දෙනෙකු ද , මීරිගම කොට්ඨාසයෙන් 07 දෙනෙකු ද , දිවුලපිටිය කොට්ඨාසයෙන් 06 දෙනෙකු ද වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය .
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 5,684 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 91,078 ක් මේ දක්වා සිදු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .