මහජන බැංකුවට නව සභාපතිවරියක් පත්කරයි
මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත්කර තිබේ. සුජාතා කුරේ මහත්මිය ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ශාස්ත්‍රවේදි උපාධිධාරිනියක වන ඇය නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගෙන ඇත.
වසර තිහකට අධික සිය රාජ්‍ය සේවා පරිචය තුළ සුජාතා කුරේ මහත්මිය වරාය සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ අතර, මුදල් අමාත්‍යංශ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් ඉහළ තනතුරු හෙබවිය.
මීට අමතරව ඇය රාජ්‍ය සහ පුද්ගලික බැංකු කිහිපයක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ, රක්ෂණ මණ්ඩලයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.
ඇය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
