නව වැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා ගරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත්වී තිබේ. එම තනතුර සඳහා ලොකුගේ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා යෝජනා කරන ලද අතර එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා විසිනි.
මෙම පත්කිරීම සිදු කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේදී අද (25) රැස්වූ මහජන පෙත්සම් කාරක සභාවේ පළමු රැස්වීමේදීය. මෙම රැස්වීමට එහි සාමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, තේනුක විදානගමගේ, ඉම්ටියාස් බාකිර් මාකර්, දිලිප් වෙදආරච්චි, කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, මුජිබර් රහුමාන්, කුලසිංහම් දිලීපන්, නිපුණ රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගීතා කුමාරසිංහ සහ රාජිකා වික්‍රමසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ද සහභාගී වූහ.
මේ අතර, මහජන පෙත්සම් කාරක සභාව විසින් පසුගිය පාර්ලිමේන්තුවේදී අවධානයට ලක්කළ මහජන පෙත්සම් ලිපිගොණු තවදුරටත් ඉදිරියට ගෙන යාමටද කාරක සභාව විසින් මෙහිදී තීරණය කරන ලදී.