මහ මැතිවරණයේදී දේශපාලන වැඩ එපා - ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානින්ට දැනුම් දෙයි
රාජ්‍ය සංස්ථාසහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
යම් රාජ්‍ය ආයතනයක ප්රධානියකුට, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි බව එතුමා තවදුරටත් කියා සිටී.
රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් රජය වෙනුවෙන් දේශපාලනය කළයුතු යැයි ජනාධිපතිතුමා කිසිවිටෙකත් අපේක්ෂා කරන්නේ නැත. ඔවුන් කළයුත්තේ තමන් භාරගත් ආයතනය කාර්යක්ෂම, දූෂණයෙන් තොර, ඵලදායී, විනයගරුක සහ ලාබ උපයන ආයතන බවට දියුණු කිරීමය. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ මහජන මුදලිනි. එබැවින් ඒවා කිසිදු ලෙසකින් මහජනතාවට බරක් නොවිය යුතුය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සතු වාහන, උපකරණ වැනි භෞතික සම්පත් හෝ මූල්‍ය සම්පත් හෝ එළැඹෙන මහ මැතිවරණයේ දී කවර පක්ෂයක හෝ දේශපාලන වැඩට භාවිතා නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
මේ නියමයන් කඩ කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනු ලැබේ.
පටු දේශපාලන අරමුණුවලින් බැහැරව ශක්තිමත් රාජ්‍යයක්, දියුණු ආර්ථිකයක්, සාධාරණ සමාජයක් සහ ජනහිතකාමී දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා ප්රමුඛ රජය අධිෂ්ඨාන සහගතව කැපවි සිටි. මේ අරමුණු සපුරා ගැනීම පිණිස රාජ්‍ය ආයතනවල, ඒවායේ ප්‍රධානීන් සහ නිලධාරීන් ප්රමුඛ සේවකයන්ගේ පූර්ණ සහයෝගය එතුමා අපේක්ෂා කරයි.

popular news
-
Champa Monday, 08 June 2020 05:34 PM
හා හා හා මේ කතාව ජනාධිපතිවරණයට ඉස්සෙල්ල කිව්වද?
Reply : 0 0
Lokka Tuesday, 09 June 2020 02:09 AM
Lekam kenek wela inna kota chanda rasweem wala katha kala kenek kiyanne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

