2020 මහමැතිවරණය වෙනුවෙන් තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද (09) ප්‍රකාශයට පත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික අදියර අවසන් බැවින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම මෙම සතිය තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.
2020 මහමැතිවරණය වෙනුවෙන් තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ලකුණ,අපේක්ෂකයින්ගේ මනාප අංක හා ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙනුවෙන් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් යටතේ අපේක්ෂකයින් 7344 දෙනෙකු තරග වදියි.
අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් නිවේදනය පහතින් දැක්වේ
මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කරයි by Saaravita on Scribd