මහ මැතිවරණය සමග ජනමත විමසුමක් පවත්වන්න - මිලින්ද
ඉදිරියේ දී පවත්වන්නට නියමිත මහ මැතිවරණයේ දී රටට බලපාන වැදගත් කරුණු හතරක් ගැන ජනමත විචාරණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා රජයට යෝජනා කරයි.
ව්‍යවස්ථාවේ 86 වැනි වගන්තිය අනුව මහ මැතිවණයක දී ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ දී ම මෙරට ඡන්දදායකයන් ගේ ජනමතය වෙනම විමසිය හැකි අතර එයට සුදුසු ප්‍රශ්න තමන් යෝජනා කරන කරුණු හතර අතරින් ප්‍රමුඛතාව අනුව තෝරා ගත හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.
1. පූර්ණ බලැති විධායක ක්‍රමයක් ද නොඑසේනම් පාර්ලිමේන්තුවට වගකියන ක්රමයක්ද?
2. පළාත් සභා ක්‍රමය අවලංගු කර ඒ වෙුනවට පළාත් පාලන ආයතන වලට වැඩි බලතල පැවැරීම සුදුසුද?
3. පාර්ලිමේන්තු මැතිවරණයේ දී මනාප ක්‍රමය අහෝසි කර කලින් පැවැති ආසන මට්ටමේ ඡන්ද ක්‍රමය සුදුසුද?
4. ආගමික, ජාතික හා ප්‍රාදේශීය ඛෙදීම් ජාතික මටට්මින් සලකා බැලීම අරමුණු කරගෙන සෙනෙට් මණ්ඩලයක් පත් කිරීම සුදුසුද?
වෙනම ජනමත විචාරණයක් පැවැත්වීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් වැය නමුත් මෙම අදහස මුදල් වියදම් නොවන කාර්යක්ෂම ක්‍රමවේදයක් වන අතර මෙම ප්‍රශ්න වලින් එකක් හෝ සියළුම කරුණු ගැන ජනමතය විමසිය හැකි බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙයි.

popular news
-
රජින්ද Tuesday, 26 November 2019 07:08 PM
වසර ගානක් මගේ හිතෙත් තිබුනා ඔබතුමාගේ ආහසට ටිකක් සමාන අදහසක්. මහමැතිවරණය සමග ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත්ම විද්‍යාත්මක ක්‍රමයක් බව කිව යුතුයි. පැහැදිලි දැක්මක් සහිතව මේවනවිට පවතින සංකීර්ණ රාජ්‍ය පාලනය ඉදිරියේදී සරල හා ස්ථාවර පාලනයක් වෙයි උදක්ම බලාපොරොත්තු වෙමු.
Reply : 1 0
Champa Tuesday, 26 November 2019 10:05 PM
නැහැ නැහැ එහම ජනමත විචාරණයක් තියන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. මේක මේ මිනිස්සු අවුල් කරන වැඩක්. සිංහලයෝ එකා වගේ විරුද්ධයි විධායක ජනාධිපති ක්‍රමය නැති කරන එකට. ඊළඟට පළාත් සභා සුදු අලි. තනිකරම මුදල් නාස්තියක්. ඉන්න දේශපාලකයෝ ගැනත් රටට දරා ගන්න බැරි කොට, සෙනෙට් සභාව කියන එක අදාලම නැහැ. කලින් පැවති ආසන මට්ටමේ චන්ද ක්‍රමයට ගියොත් නැවත විපක්ෂය වෙන්නේ TNA එක. උදාහරණයක් විදිහට අවසාන වරට ආසන මට්ටමේ චන්ද ක්‍රමය තිබුණු 1977 මැතිවරණ ප්‍රතිඵල ගත්තොත්, යූන්පී එක චන්ද මිලයන 3.1ක් ගනිත්දී ශ්‍රී ලංකා එක චන්ද මිලියන් 1.8ක් ගත්තත් අන්තිමේ චන්ද ලක්ෂ 4ක් විතරක් ගත්ත අමිර්තලිංගම්ගේ දෙමල පක්ෂේ විපක්ෂ නායක කම ගත්ත. ඊළඟට එන ප්‍රශ්නේ තමයි පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ 2/3 දුන්නොත් කිසි කතාවක් නැතුව ඉහත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, චන්ද ක්‍රමය වෙනස් කිරීම සහ සෙනෙට් සභාව යන තුනම ඇති කරයිද කියන එක සහ MCC, SOFA ගිවිසුමත් අත්සන් කරයිද කියන එක. මේ චන්දෙදි, ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී නම් මිනිස්සුන්ට වෙන විකල්පයක් තිබ්බේ නැහැ. නමුත් පාර්ලිමේන්තු චන්දෙදි හුඟක් කල්පනා කරන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

