ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත්කිරීමෙන් පසුව ගතවූ දින 52ක කාලය තුළ මහ බැංකුවට එක් ඩොලරයක් හෝ විදේශයන්ගෙන් ණයට ලබාගැනීමට නොහැකි වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මහ බැංකුව විසින් තමන්ට මේ බව සඳහන් කළ බවත් මහ බැංකුව කළ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇති බවයි.
ලෝකයේ ණය ශ්‍රේණිගත කරන ආයතන තුන වන මූඩිස්, එස්. ඇන්ඩ් පී. හා ෆිච් රේට්න්ග්ස් යන ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට කටයුතු කිරීම මේ සඳහා හේතුව වී තිබේ.
එසේම ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල එම කාලයේදී 10%කින් පමණ අවප්‍රමාණය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව වත්මන් රජයට විශාල අභියෝගයක් පැවතින නමුත් රජය නිවැරදි මාර්ගයට එන බව අමාත්‍යවරයා පවසයි.