ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5%ක් සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (07දා) තීරණය කර තිබේ.
සාර්ව ආර්ථික තත්ත්වයන් සහ දේශීය හා ගෝලීය තත්ත්වයන්හි අපේක්ෂිත වර්ධනයන් හොඳින් සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එලැඹ තිබේ. පවත්නා අඩු උද්ධමන වාතාවරණය සහ උද්ධමන අපේක්ෂාවන් හොඳින් ස්ථාපිත වී ඇති වාතාවරණයක් තුළ, අඩු පොලී අනුපාත ව්‍යුහයක් පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය කැපවී සිටින බවද කියයි.