ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2019 මැයි 31 වැනි දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200කින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300ක ආන්තිකයක් සහිතව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) හා අනුකූලව ස්වයංක්‍රීයව ගැලපීම සඳහා ඉඩ හැරීමට අප්‍රේල් මස 15දා පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව 2020 අප්‍රේල් මස 16දා සිට ක්‍රියාත්මක වන පරිදි, හදිසි අවස්ථාවලදී යොදාගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය, 15% සිට 10%ක් දක්වා පදනම් අංක 500කින් අඩු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.