චීනයේ කොවිඩ්-19 එන්නත් සංවර්ධනය අවසන් අදියරට ඇතුළු වී ඇති බැවින්, කොවිඩ්-19 එන්නත් මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීමට රට සූදානම් වන බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
එන්නතක් තක්සේරු කිරීම සඳහා සවිස්තරාත්මක දර්ශක ගණනාවක් අවශ්‍ය වන අතර, ආරක්ෂාව, ඵලදායීතාවය, ප්‍රවේශ්‍යතාවය සහ දැරිය හැකි පිරිවැය වඩාත් වැදගත් බව ජාතික සෞඛ්‍ය කොමිසමේ නිලධාරියෙකු වන ෂෙන් ෂොංවේ පැවසීය.
කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීමේදී චීනය තාක්ෂණික ප්රවේශයන් පහක් අනුගමනය කර ඇති අතර, එන්නත් 15ක් සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති අතර ඉන් එන්නත් 5ක්ම අදියර 3 සායනික අත්හදා බැලීම්වලට භාජනය වෙමින් අවසන් අදියරට පැමිණ තිබේ.
චීනය කොවිඩ්-19 එන්නත්වල තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් විද්‍යාත්මකව හා දැඩි ලෙස ප්‍රවර්ධනය කරමින් සිටින අතර, එන්නත් ආරක්ෂිත, ඵලදායී වන අතරම, කාලය පිළිබඳ පරීක්ෂණයට මුහුණ දිය හැකි බව සහතික කිරීම සඳහා නීති, රෙගුලාසි සහ ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූලව සමාලෝචන හා අනුමැතිය ලබාදෙන බවද ෂෙන්ග් සඳහන් කළේය.
චීනයේ වසංගතය ඵලදායී ලෙස පාලනය කර ඇති හෙයින්, තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් රැසක් විදේශයන්හි සිදු කෙරෙන අතර එමගින් යම් යම් දුෂ්කරතා හා අභියෝගද ඇති වන බව ෂෙන්ග් පවසයි. චීනය විසින් කොවිඩ්-19 එන්නත් ජුනි මාසයේදී හදිසි භාවිතය සඳහා අවසරය ලබාදෙන ලදී.