ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම කමිටුවේ සභාපති ධුරය එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ලබාදී ඇත.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එම පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පත්කර තිබේ.
කමිටුවේ ඉතිරි සාමාජිකයන් දෙදෙනා ඉදිරි දිනවල පත්කිරීමට නියමිතව තිබෙන අතර, පක්ෂයට සේවය නොකරන ආසන සංවිධායකවරුන් ඉවත් කර, නව සංවිධායකවරුන් පත්කිරීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගෙන් 'අද' කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ, ඉදිරි මැතිවරණය පුළුල් පෙරමුණක් යටතේ තරග කරන බවත්, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන කෝටාව පදනම් කරගනිමින් අපේක්ෂකයන් තෝරා ගැනීම සිදුකරන බවත්ය.
