මුස්ලිම් ක්රොංග්රසයේ හිටපු මහලේකම් හසන් අලීගේ සහාය ගෝඨාට
ඉදිරි ජනාධීපතිවරණයේදී ශී්ර ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්තී්ර හසන් අලී මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් සාම සන්ධානය තීරණය කර ඇත.
ඒ අනුව අද (01) ශී්ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදි මෙම පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමක අත්සන් තැබිය.
එක්සත් සාම සන්ධානය වෙනුවෙන් එහි මහලේකම් හසන් අලි මහතා සහ ශී්ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහත මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.
මුස්ලිම් කොංග්රසයේ මහලේකම් ධූරය හෙබවු හසන් අලී මහතා පසුව මුස්ලිම් කොංග්රසයෙන් ඉවත්ව එක්සත් සාම සන්ධානය බිහි කළ අතර පසුගියදා රැස්වු එක්සත් සාම සන්ධානයේ උත්තරීතර මහා සභාව ඉදිරි ජනාධිපතිවරණයේදි ශී්ර ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
මෙම අවස්ථාවට ශී්ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා, ලක්ෂ්මන්යාපා අබේවර්ධන මහතා, ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

-
samanlal Saturday, 02 November 2019 10:04 AM
එල්ලෙන්න වැල් නැති අය කරන වැඩ තමයි මේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
