තායිවානයේ දේශීය පොකුරක් ආශ්‍රිතව කොවිඩ්-19 මරණයක් වාර්තා වී ඇති අතර, එය මැයි මාසයේ සිට තායිවානයෙන් ප්‍රථම වරට වාර්තා වන කොරෝනා මරණය බව තායිවානයේ රෝග පාලන මධ්‍යස්ථාන පවසයි.
රෝහලකට සම්බන්ධ දේශීය පොකුරක කොටසක් ලෙස කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් 80 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් මෙසේ මියගිය බව තායිවාන සෞඛ්‍ය බලධාරීහු පවසති.
කොවිඩ්-19 වසංගතය සාර්ථකව පාලනය කළ රාජ්‍යයන් හා කලාප අතර තායිවානයද පවතී. මේ දක්වා එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 909ක් වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 8කි.