සෑම වසරකම වසරේ අවසාන මාස කිහිපයේ සහල් මිල විශාල වශයෙන් ඉහළ යන බවත් මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළ බවත් මෙම තත්වය වළක්වා ගැනීම සඳහා මේ වසරේ ඔක්තොම්බර් මස සිට ලබන වසරේ ජනවාරි දක්වා (2020 ඔක්තොම්බර් - 2021 ජනවාරි) මාස 04 ක කාලය සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 25,000ක ආරක්ෂිත තොගයක් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.
සතොස විසින් මෙට්ට්‍රික් ටොන් 25,000ක අරක්ෂක සහල් තොගයක් පවත්වා ගැනීමට සහ වෙළඳපොළ මිල ඉහළ යන අවස්ථාවලදී එම තොග නිදහස් කිරීම මගින් සහල් මිල පාලනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ