බෞද්ධාගමික නායක ස්වාමීන් වහන්සේනමක විසින් ඉස්ලාමීය ආගමික විද්වතෙකුවන මවුලවිරයෙකු ඇප දී නිදහස් කළ පුවතක් ඊයේ (11දා) කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා විය.
කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් කර්බලා ග්‍රාමයේ සිදුවූ ගැටුමකදී එම ප්‍රදේශයේ මවුලවිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් මවුලවිවරයා විභාග කිරීම් සඳහා පොලීසිය බාරයේ රඳවා තිබිණි.
කාත්තාන්කුඩි පොලිස් ස්ථානයට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි කල්මුණේ සුභද්‍රාරාම මහා විහාරාධිපති රන්මුතුගල සංඝරතන හිමියන් අත්අඩංගුවට පත්ව සිටි මවුලවිතුමාඇප මත නිදහස් කරන ලෙස ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුව උන්වහන්සේගේ ඇප මත නිදහස් කළ බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති කස්තුරිආරච්ච්චි මහතා පැවසීය.
එමෙන්ම සංඝරතන හිමියන් කළ ඉල්ලීම මත මවුලවිවරයා සම්බන්ධ නඩුව අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට සමථ මණ්ඩලයට මාරුකර ඇත.
මඩකලපුව ජවුෆර් ඛාන්
