මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (29) දින රාත්‍රියේ සිට කඩින් කඩ තද සුළං සමග තද වැසි පතිත වෙමින් පවති.
පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරයා පැවසිය.
අද (30) අලුයම වනවිට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 දක්වාත් , මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 14 දක්වාත් ආසන්න වි ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශල ජල මට්ටම ඉහළ යාමත් සමගම කැනියොන්, ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය , විමලසුරේන්ද්‍ර යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවරයා පැවසිය.