කොවිඩ් 19 වයිරසයට එරෙහිව ඉදිරිපෙල වැඩකරන විරුවන්ගේ හා දැනට රෝගීව සිටින්නනගේ මව්වරුන් වෙනුවෙන් කෙවිඩ් 19 වයිරසය පරාජය කිරීම සඳහා තම උපරිම ශක්තිය යොදවන බවට පොරොන්දු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
"අපරිමිත දුක් කම්කටොළු, අභියෝග නිහඬව දරා ගනිමින් තම දරුවන්ගේ අනාගතය සැකසීම උදෙසා වෙර දරන මේ රටේ සුවහසක් මව්වරුන්, ඔවුන් වෙනුවෙන් වෙන්වූ මේ විශේෂ දිනයේදී මම ගෞරවයෙන් හා සෙනෙහසින් සිහිපත් කරමි.
මේ ගෙවෙන ව්‍යසන තත්ත්වය හමුවේ තම ජීවිත පරදුවට තබා වෙහෙසෙන ඉදිරි පෙළ වැඩකරන විරුවන්ගේ සහ දැනට රෝගීව සිටින්නන්ගේ මව්වරුන් වෙනුවෙන් මෙම ව්‍යසනය පරාජය කිරීමට මාගේ උපරිම ශක්තිය යොදවන බවට පොරොන්දු වෙමි."