මෙවර පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය සඳහා දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා වයස අවුරුදු 70ක විශ්‍රාමික ගුරුවරයෙකු බාහිර අපේක්ෂකයෙකු ලෙස පෙනි සිටි බව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වර්තා වේ.
මෙම ගුරුතුමා වසර 20ක ඉංග්‍රිසි ගුරුවරයෙකු ලෙස සේවය කර 70 වෙනි වියේ සිටින දෙදරු ගුරුපියෙකි.
මේ පිළිබඳ විමසිමේදි ඔහු සඳහන් කළ සිටියේ,
“ මම අවුරුදු 20ක් දරුවන්ට ඉංගි්රිසි ඉගැන්නුවා. ඊට පස්සේ අවුරුදු 10ක් ගුවන් හමුදාවට ඉංගි්රසි ඉගැන්නුවා. මම දැනටත් දවසකට කිලෝමිටර් 50ක් පුඩ් සයිකල් පදිනවා. මේ දක්වා කිසිදු ලෙඩක් මට නැ.
මම 2015 දි දෙමළ භාෂාව ලියලා ඒ සමාර්ථයක් ගත්තා. මේ ගමන දෙමළ භාෂාව හා සාහිත්‍ය විභාගයට පෙනි සිටියා මාගේ අරමුණ තමයි මම සමත් නැති විෂයන් සමත් විම වාගේම රටේ දරුවන්ට පණිවිඩයක් දෙන්න කැමැතියි වයස ඉගෙනිමට බාධාවක් නොවන බව. 2019 වසරෙ දි උසස් පෙළ විෂයකට ලියන්න සිතා සිටින බවත්” ඔහු සඳහන් කරයි.
හිගුරක්ගොඩ - ඩබ්.ඒ පියතිලක